හැමෝටම programing
Micro bit
මිට වසර 30 කට පමණ පෙර BBC Micro පරිගණකය හඳුන්වා දුන්නේ අනාගත ක්‍රමලේඛකයන් අරමුණු කර ගෙනයි. කර්මාන්තයේ දියුණුවට එය මහෝපකාරී වුනා. BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro:bit හඳුන්වා දුන්නා. micro:bit කියන්නේ ඉතා කුඩා පරිගණකයක්. එක්සත් රාජධානිය තුල පමණක් මිලියනයකට අධික පාසල් සිසුන් ප්‍රමාණයකට micro:bit බෙදා හරිමින් පවතිනවා. දැන් මෙය ලොව වටා රටවල් වල සිසුන් සඳහාද ලබා දෙනවා.
micro:bit පරිගණකය, BBC Micro පරිගණකයට වඩා 17 වතාවක් කුඩයි. 617 වතාවක් සැහැල්ලුයි. නමුත් 18 වතාවක් වේගවත්. මෙය සතුව රතු LED 25 ක් , ක්‍රමලේඛනය කල හැකි බොත්තම් 2ක්(programmable buttons), මාලිමාවක්(compass), චලන අනාවරකයක්(motion detector), Bluetooth Smart තාක්ෂණය සහ ආදාන ප්‍රතිදාන සඳහා වලයන්(Input and Output (I/O) rings) 5 ක් පවතිනවා.
හැකි උපරිම අයුරින් මෙහි ක්‍රමලේඛනය පහසු කරන්නට මෙහි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. Python සහ C++ යන ක්‍රමලේඛන භාෂාවන් මෙහි භාවිතා කරන්නට පුළුවන්. Microsoft Touch Develop (text-based) සහ Microsoft Blocks (graphical) යන ක්‍රමලේඛන භාෂා දෙක Microsoft සමාගම මේ සඳහා හඳුන්වා දී තිබෙනවා.
Microsoft Azure cloud services තුල පිහිටුවා ඇති BBC Micro Bit වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට එහි ඇති තොරතුරු සහ වෙබ් මූලික වූ programming environment එක භාවිතා කරන්න පුළුවන්. පරිශීලකයන් ලියන පරිගණක කේත මෙම වෙබ් අඩවිය මගින් සුරක්ෂිත කරනවා. මෙම පරිගණක කේත වෙතට ඕනෑම වෙලාවක ඔබේ Android හෝ iOS උපාංගය සඳහා ඇති යෙදුම් හරහා ප්‍රවේශ වන්නට පුළුවන්. Microsoft Touch Develop හා PXT යෙදුම් හරහා ක්‍රමලේඛන cloud හි compile කර එහි ප්‍රතිඵලය micro:bit වෙතට ලබා දීම සිදු කෙරෙනවා.
micro:bit හි පිරිවිතර,
Size: approx. 5cm x 4cm
Weight: 8g
Processor: 32-bit ARM Cortex M0 CPU
Bluetooth Low Energy
Digital Compass
Accelerometer
Micro-USB controller
5×5 LED matrix with 25 red LEDs
2 programmable buttons
Powered by 2x AAA batteries
micro:bit ශ්‍රී ලංකා සමූහයේ කාර්යය මොකක්ද?
අනාගත නව නිර්මාණකරුවන්ට සහය වීම දැක්ම කරගත් මේ සමුහය ස්වේච්ඡයා සාමාජිකයන්ගෙන් සමන්විත වේ. micro:bit ශ්‍රී ලංකා සමුහයේ අරමුණ වන්නේ micro:bit පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සහ ඒ හරහා ශ්‍රී ලාංකීය පාසල් සිසුන්ගේ පරිගණක කේතකරණය, IoT පිළිබඳව ඇති උනන්දුව, දැනුම සහ ආකල්ප වැඩි දියුණු කිරීමයි. micro:bit ශ්‍රී ලංකා සමූහය සෘජුව එක්සත් රාජධානියේ BBC micro:bit පදනම හා අනුබද්ධව කටයුතු කරයි.
micro:bit ශ්‍රි ලංකා සමූහය නිල වශයෙන් දියත් කිරීම සහ micro:bit පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගිය 21 වෙනිදා සිදු වුනා. ඒ උඩුබද්දාව නැණසල මධ්‍යස්ථානයේදියි. micro:bit යොදා ගෙන ශ්‍රී ලංකාවේ සිදු කල පළමු Hour of Code වැඩසටහනද මෙදින පැවැත්වීම විශේෂත්වයක්.
Comments
Post a Comment